Tuesday, April 1, 2025

General line - 0115112241

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ලිපියක් සම්බන්ධව පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක් 



අන්තර්ගතය සම්පූර්ණයෙන්ම ව්‍යාජව සකස් කරන ලද ලිපියක් මේ වන විට මාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසනවා.

 එම ව්‍යාජ ලිපියේ ධර්ම චක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනය සහිතව කහ පැහැති පසුබිමේ   " CENTRAL OFFICE FOR THE FIGHT AGAINST CRIME RELATED INFORMATION AND COMMUNICATION_TECHNOLOGY " යන මැයෙන් සම්මන්ත්‍රණය හා 2024 ජූලි 01 ලෙස සඳහන් කරමින්  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් නිකුත් කල බවට හැඟවෙන ආකාරයේ ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

මෙම ලිපිය හා එහි අන්තර්ගතය සම්පූර්ණයෙන්ම ව්‍යාජව සකස් කරන ලද ලිපියක් වන අතර, ශ්‍රී ලංකා පොලිසිය මඟින් හෝ ඊට අනුබද්ධ ආයතනයක් මඟින් මෙවැනි ලිපියක් නිකුත් කර නොමැති බවට හා ඒ සඳහා නොරැවටෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටීනවා.

සකස් කරන ලද ව්‍යාජ ලිපිය සහ එම ලිපිය අන්තර්ජාලයට යොමු කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අදාල සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද සඳහන් ක‍ර සිටිනවා .

අදාල ව්‍යාජ ලිපිය පහතින්