පළාත් පාලන ඡන්ද විමසීම කල් තබා ඇති හෙයින් සහ මේ දක්වා එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඒ වගන්තිය ප්‍රකාරව මැතිවරණ නීතිය තවමත් බලාත්මකව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
එමෙන්ම පළාත් පාලන මැතිවරණ නීතිය බලපවත්වන කාල සීමාව තුළ කිසිදු පාර්ශවයක් ප්‍රවර්ධනය නොවන සේ කටයුතු කළ යුතු බවට සහ ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපළක් යොදා නොගත යුතු බවට නිකුත් කළ ගැසට් නිවේදන හා චක්‍රලේක තවදුරටත් වලංගුව පවතින බවයි එම කොමිසම පෙන්වා දෙන්නේ.
ඒ අනුව මෙම කාල සීමාව තුළදී දේශපාලන පක්ෂ අපේක්ෂකයන් ප්‍රවර්ධන අයුරින් හෝ අගතියට පත්වන අයුරින් ක්‍රියා කිරීම, විශේෂයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරග කිරීම සඳහා නාම යෝජනා භාර දී ඇති අපේක්ෂකයන් එවැනි කාර්ටයයන් සඳහා යොදා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවද මැතිවරණ කොමිෂම නිකුත් කළ නිවේදනයක සඳහන්.