Friday, April 26, 2024

General line - 0115112241

තවත් ශ්‍රීලනිප සංවිධායකයෙක් ඉල්ලා අස්වෙයි…




ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ආසන සංවිධායකවරයා තම ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණයකර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලවාන ආසන සංවිධායකවරයා වශයෙන් කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුරය. නෙත් නිවුස් කළ විමසීමකදී මන්තී‍්‍රවරයා සඳහන් කළේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරන බවයි. ජානක වක්කුඹුර මන්ති‍්‍රවරයා එ්කාබද්ධ විපක්ෂයේ සාමාජිකයෙකු වනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්තී‍්‍රක් නායකත්වය දැරූ ඩලස් අලහප්පෙරුම සහ හෝමාගම සංවිධායක ධුරය දැරූ බන්දුල ගුණවර්ධන යන මන්ති‍්‍රවරුන් මීට පෙර එම තනතුරුවලින් ඉල්ලා අස් වුණා.