යටියන්තොට, පැලැල්ලේගම ප්‍රදේශයේ ලැයිම් නිවාස පෙළක අද අලුයම් කාලයේ හටගත් ගින්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.
එම ගින්නෙන් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් මිය ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
ගින්නට හසු වීමෙන් එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60 සහ 50 යන වයස් කාණ්ඩවල පසු වූ දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.
ගින්නෙන් නිවාස 03කට හානි සිදුව ඇති බවද පොලීසිය සඳහන් කළා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් යටියන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.