Monday, March 3, 2025

General line - 0115112241

ගතවූ මාස හයට අදාලව “යුක්තියේ මෙහෙයුම” සාර්ථකත්වය  



“යුක්තියේ මෙහෙයුම” නමින්  ආරම්භ කෙරුණු මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනය කිරීමේ විශේෂ මෙහෙයුම යටතේ සිදු කළ වැටලිම්වලින් අත්අඩංගුවට ගැනීම් ප්‍රතිශතය 90%ව ඉක්මවන බව පොලිසිය පවසනවා.

මේ හේතුවෙන් පසුගිය වර්ෂයේ මුල් මාස 06 ට අදාලව වාර්තා වූ අපරාධ ප්‍රමාණයට  සාපේක්ෂව  2024වර්ෂයේ මුල් මාස 6 දී වාර්තා වූ අපරාධ 24%කින් පමණ අඩුවී තිබෙන බවයි පොලීසිය විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙන්නේ.

තවද මෙම මෙහෙයුම මගින් මුළු ජාවාරම්කරුවන් 5979ක් හඳුනා ගෙන ඇති අතර ඉන්  5449ක්  අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කර සිටියේ.

මෙම මෙහෙයුමට අදාලව මත්ද්‍රව්‍ය වැටලීම් 152,672ක් සුදු කර ඇති අතර එමගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම මිලියන 19075ක් වන බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය විසින් නිකුත් කරන ලද වාර්තව පහතින්