Wednesday, April 2, 2025

General line - 0115112241

රටේ අපරාධ සියයට 24කින් පහළට - තවත් 1,900ක් අල්ලන්න අලුත් මෙහෙයුමක්

    එන් ඒ ඩබ් නිරෝෂන්



යුක්තිය මෙහෙයුම හේතුවෙන් මේ වන විට රටේ අපරාධ සියයට 24කින් අඩු වී ඇතැයි පෙලීසිය පවසනවා.

2023 වසරේ මුල් මාස 06 තුළ අපරාධ 2,055ක් වාර්තා වී ඇතත් මේ වසරේ මුල් මාස 06 තුළ වාර්තා වී ඇත්තේ අපරාධ 1,562ක් පමණයි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ රටේ සිදුවන අපරාධ සංඛ්‍යාව සියයට 50කින් අඩු කිරීම සැලසුම බවයි.


මේ අතර යුක්තිය මෙහෙයුමේ තවත් අදියරක් අද ආරම්භ කෙරුණේ යුද හමුදාවේද සහය ඇතිවයි.

එහි ආරම්භක අවස්ථාවට එක්වෙමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් 1,921 දෙනෙකු අත්අඩංගුවට ගැනීම මෙහි අරමුණ බවයි. 


යුක්තිය මෙහෙයුම යටතේ 2023 වසරේ දෙසැම්බර් 17වනදා සිට මේ දක්වා රුපියල් මිලියන 19,075ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.

වැටලීම් එක් ලක්ෂ 52,672ක් අදාළ කාලය තුළ සිදු කර ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 5,449ක්.