අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කුට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් ගොනුකළ පෙත්සමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
ඒ අනුව වගඋත්තරකාර නාගානන්ද කොඩිතුවක්කුට නඩු ගාස්තු ගෙවිය යුතු බවත් අභියාචනාධිකරණය විසින් පෙත්සම ඉදිරිපත් කළ ඔෂල හේරත්ට නියම කෙරුණා.
අභියාචනාධීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කළා.
ඉකුත් වසරේ නොවැම්බර් මස 02 වනදා යූටියුබ් නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී නාගානන්ද කොඩිතුවක්කු සිදු කළ ප්‍රකාශවලින් අධිකරණයට අපහාසයක් සිදු කළ බව සඳහන් කරමින් ඔෂල හේරත් විසින් මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සම පවත්වාගෙන යෑමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි. ඒ අනුව පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් අධිකරණය සඳහන් කළා.