Tuesday, March 4, 2025

General line - 0115112241

සියලු දේශපාලන පක්ෂ රට ගොඩනගන්න එකතු විය යුතුයි



සියලු දේශපාලන පක්ෂ රට ගොඩ නැගීමේ වැඩපිළිවෙල සමඟ එකතු විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරිනැමීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා පැවසුවේ රටේ ආර්ථිකය ගොඩ නැගීමට හැකි වන්නේ සියලු පක්ෂවල සහයෝගය ලැබීමෙන් පමණක් බවයි. 


පසුගිය අරගල සමයේදී රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් වූ අවස්ථාවේ දී ඇතැම් නායකයින් වගකීම් පැහැර හරිමින් කටයුතු සිදුකල බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.