ඉදිරි ජනාධිපතිවරණය සහ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ අදහස් පළ වනවා.
පිවිතුරු හෙළ උරුමය අද කැඳවූ මාධ්‍ය හමුවකදී එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ පැවසුවේ ජනාධිපතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව උත්සාහයක නිරතව සිටින බවයි.
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා දැක්වූයේ මෙවන් අදහසක්.
මේ අතර ජාතික ජන බලවේගය රටට ආදර්ශයක් ලබාදිය යුතු බවයි මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පැවසුවේ.
ඇතැම් දේශපාලන පක්ෂ අතීතයේ සිටම රට ඉදිරියට යාම වැළැක්වීම සඳහා කටයුතු කළ බව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය මනූෂ නානායක්කාර කියා සිටියා.