IHP සමීක්ෂණ ආයතනය විසින් ජනාධිපතිවරණ මත විමසුම පිළිබඳව නවතම සමීක්ෂණවාර්තාවක් නිකුත් කර තිබෙනවා.
නිකුත් කරන ලද නවතම සමීක්ෂණය අනුව මැයි මාසයේ සිදු කරන ලද ජනාධිපතිවරණ මත විමසුමේදී ස.ජ.බ. සහ ජා.ජ.බ./ජ.විපෙ විසින් 34%ක ප්‍රතිශතයක් ලබාගෙන තිබෙනවා.
ඒ අනුව සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට වැඩි කැමැත්තක් දක්වන බවයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහට කැමැත්ත දක්වා ඇත්තේ 06%ක් පමණ වන අතර ශ්‍රී 'ලංකා පොදුජන පෙරමුණ සඳහා 13% පමණ කැමැත්තක් දක්වා තිබීම විශේෂත්වයක් වෙනවා.
තවද ඉ.ත.අ.ක.හෙවත් (දේ .ජා.ස.) 4% ලබා ගෙන ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිව ඇත්තේ 1%ක් පමණයි.
2024 අප්‍රේල් මාසයේදී (ස.ජ.බ. සහ ජා.ජ.බ ) අතර සුළු වෙනසක් පැවතුන බවයි IHP සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ
.
මෙම සමීක්ෂණය යාවත්කාලීන කිරීමට 2024 මැයි මාසයේ සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණ 503ක් ඇතුළුව 2021 ඔක්තෝබර් පළමුවනදා සිට 2024 ජුනි 24 දක්වා ශ්‍රී ලංකාව පුරා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ 17751ක් පදනම් කර ගෙන බව එම ආයතනය පෙන්වා දෙනවා.
මෙය සංශෝධිත MRP ආකෘතියක් මත රඳා පවතීන අතර එහි අවිනිශ්චිතතාවය ගණනය කිරීම සඳහා පුනරාවර්ථන සියයක් සිදු කරන ලදී.
මැයි මාසය සඳහා දෝෂාන්තිකය 1-5% ලෙස තක්සේරු කර තිබෙනවා.
IHP යනු ශ්‍රී ලංකාවේ කාළඹ පිහිටි ස්වාධින , පක්ෂග්‍රාහී නොවන පර්යේෂණ මධ්‍යස්ථානයකි. SLOTS හි ප්‍රධාන විමර්ශකයා වන්නේ IHP හි ආචාර්ය රවී රන්නන්-එලියයි.
ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයේ මහජන මත විමසුමේ සමීක්ෂණ පිළිබඳ පුහුණුව ලබා ඇති අතර දශක තුනක් පුරා විවිධ් මත විමසුම් සමීක්ෂණ සිදු කරමින් සිටීයි.