දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රිියේ සිට ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මකයි.
ඒ හේතුවෙන් අද දවස පුරා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය ගමන් රැසක් අවලංගු වුණා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනය මධ්‍යයේ අද පස්වරුවේ කොළඹ කොටුව හා මරදාන සිට පිට පළාත්වලට දුම්රිය 17 ක් පමණ ධාවනය කිරීමටයි සැලසුම් කර තිබුණේ.
ඒ අනුව කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා දුම්රිය 5 ක් ධාවනයට එක් කර තිබුණා.
මීගමුව දක්වා දුම්රිය 3ක් සහ මරදාන සිට ගාල්ල දක්වා දුම්රිය 3ක් ධාවනය කිරීමටයි සැලසුම් කර තිබුණේ.
අළුත්ගම දක්වා දුම්රිය 3ක්ද පානදුරට දුම්රිය 2 ක් ද කළුතරට දුම්රියක් ද ධාවනය කෙරුණා.
නියමිත පරිදි උසස් වීම් ලබානොදීම ඇතුළු කරුණු 14ක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපති සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කළේ ඊයේ පස්වරුවේයි.
දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංගම බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගත හැකි බව ප්‍රකාශ කර තිබුණද ඇතැම් මගීන්ට එම පහසුකම පවා හිමිව තිබුණේ නැහැ.
මේ හේතුවෙන් අද දිනයේ දුම්රියෙන් ප්‍රවාහන සේවා සපුරා ගන්නා බොහෝ මගීන් පත් වූයේ දැඩි අපහසුතාවකටයි.