දුම්රිය සේවා ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් අද දහවල් 12ට පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් වාර්තා කළ යුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස් එස් මුදලිගේ අවසන් නිවේදනයක් නිකුත් කළා.
එසේ නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පැලකවරුන් සේවය හැර ගියා සේ සලකන බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනද පාර්ලිමේන්තුවේදී පැවසුවේ.
කෙසේවෙතත් කුමන බලපෑම් එල්ල වුවද වර්ජනය අත් නොහරින බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න අද පස්වරුවේ පැවසුවා.
තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමග තවත් වෘත්තීය සමිති එක් වීමට නියමිත බව ඔහු පැවසුවා.