වෘත්තීය සමිතිවල ඇතැම් ඉල්ලීම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට ඕනෑ තරම් ඉඩ තිබියදී ආණ්ඩුව ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඒවා වැඩ වර්ජන දක්වා දුරදිග ගොස් ඇති බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසනවා.
ඒ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
මේ අතර, අරගල සමයේදී ආණ්ඩුව භාර ගන්නා ලෙසට කරන ලද ඉල්ලීම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා බැහැර කළ බවට එල්ල වන චෝදනාවන්ටද සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.
මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා.