Tuesday, March 4, 2025

General line - 0115112241

විෂ මත්ද්‍රව්‍ය වැටලීමේ දෙවන අදියර යටතේ තවත් සැකකරුවන් 728 දෙනෙකු අත්අඩංගුවට



විෂ මත්ද්‍රව්‍ය වැටලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුමේ දෙවන අදියර යටතේ ඊයේ දිනය තුළ මුළු වැටලීම් 728ක් සිදු කර තිබෙනවා.

එම වැටලීම්වලට අදාළව සැකකරුවන් 718ක් සහ සැකකාරියන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මෙම මෙහෙයුම යටතේ බස්නාහිර පළාත තුළ පමණක් මුළු වැටලීම් 483ක් සිදු කර ඇති අතර එම වැටලීම්වලට අදාළව හෙරොයින් ග්‍රෑම් 94ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 194ක් සහ ගංජා ග්‍රෑම් 331ක් පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.