Tuesday, March 4, 2025

General line - 0115112241

ජනපති ධුරයේ කාලසීමාව විමසන්න අධිකරණයට යන පිරිස් ගැන හෙළිදරව්වක්



ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් අධිකරණයට යාම පිටුපස යම් කුමන්ත්‍රණයක් පවතින බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ පවසනවා.

ජනාධිපති ධුරයේ කාලය සම්බන්ධයෙන් අධිකරණය තීන්දුවක් ලබා දි තිබියදි ඇතමුන් එලෙස කටයුතු කරන බවයි මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අධිකරණ අමාත්‍යවරයා කියාසිටියේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.

ඒ, නීතිඥ අරුණ ලක්සිරි උණවටුන විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරණය සහ ජනාධිපති ධුර කාලසීමාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු අමාත්‍ය රවී කරුනානායක මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.