Wednesday, March 5, 2025

General line - 0115112241

බදියුදීන් සහ ඩිලාන් ගමන් ගත් ජීප් රථ අනතුරක

චන්දන ජයලාල් - ගල්පාත



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා සහ රිෂාඩ් බදියුදින් ගමන් ගත් ජීප් රථය ප්‍රදේශ දෙකකදි අනතුරට ලක්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ගමන් ගත් ජිප් රථය දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හුවමාරුව අසලදි අනතුරට ලක්ව ඇති බවයි.

අධිවේගි මාර්ගයේ ගමන් ගත් එම ජීප් රථය මාර්ගයෙන් ලිස්සා ආරක්‍ෂිත වැටෙහි ගැටි අනතුර  සිදුව තිබෙනවා.

අනතුරෙන් මන්ත්‍රීවරයාට කිසිදු තුවාලයක් සිදුව නැහැ.

එහෙත් අනතුර සිදුවන අවස්ථාවේ ජීප් රථයේ සිටි තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගමන් ගත් සුඛෝපභෝගි ජීප් රථය අනතුරකට ලක්ව ඇත්තේ කරුවලගස්වැව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදීයී.

අනතුරෙන් මන්ත්‍රීවරයාට හෝ එහි ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.

මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථය මාර්ගයේ ධාවනය කරමින් තිබියදී යතුරුපැදියක් එකවර මාර්ගය හරහා ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් යතුරු පැදිකරු සුළු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ඡා කර සමථයකට පත් කර ගත් බව කරුවලගස්වැව පොලීසිය පැවසුවා.