Wednesday, March 5, 2025

General line - 0115112241

ප්‍රබල පාතාල සාමාජිකයින් සතු ජංගම දුරකථන බූස්ස බන්ධනාගාරයෙන් මතු වෙයි



බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල හා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ අපරාධකරුවන් කිහිප දෙනෙකු සතුව තිබී ජංගම දුරකථන කිහිපයක් පසුගිය දා සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බූස්ස බන්ධනාගාර නිලධාරින් එක්ව ඉකුත් දා සිදුකල හදිසි මෙහෙයුමකදී එහි දැඩි ආරක්ෂාව යටතේ රඳවා සිටි ‘කුඩු සලිඳු’ සහ ‘වෙලේ සුදා’ සතුව තිබී ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 04ක් සොයාගත් බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

එමෙන්ම එම බන්ධනාගාරයේම සිදුකළ තවත් හදිසි සෝදිසි මෙහෙයුමකදී ‘ගනේමුල්ල සංජීව’ සහ තවත් ප්‍රධාන පෙළේ පාතාල සාමජිකයෙකු සතුව තිබී ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන දෙකක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව දින දෙකක් තුළදී බූස්ස බන්ධනාගාරයෙන් ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 06ක් සොයාගෙන තිබෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල පාතාල සාමාජිකයන් කිහිප දෙනෙකුම බන්ධනාගාරයේ සිටම නැවතත් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් සිදුකරමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.