Wednesday, March 5, 2025

General line - 0115112241

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තුව හෙට සිට පහළට



බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තුව හෙට සිට අඩු කරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ වෘත්තීය සමිතිය පවසනවා.

ඒ අනුව දෙවන කිලෝ මීටරය සඳහා මේ දක්වා අයකල රුපියල් 100ක මුදල හෙට දිනයේ සිට රුපියල් 90ක් දක්වා අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පවසනවා.