Wednesday, March 5, 2025

General line - 0115112241

බුදුදහමට එල්ලවන බලපෑම් නතර කරන්න විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍යයි - ඇමති විදුර කියයි



බුද්ධාගමට එල්ල වන තර්ජන වැළැක්වීම සදහා විශේෂ වැඩපිලිවෙලක් සකස් කළ යුතු බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

ආගම් අතරින් වැඩිම තර්ජන එල්ල වන්නේද බුද්ධාගමට බවයි නෙත් නිවුස් කළ විමසිමකදි අමාත්‍යවරයා කියාසිටියේ. 


රටේ සංස්කෘතිය රැක ගැනීම සදහා වසරක පමණ කාලයක සිට වැඩපිළිවෙලක් සකස් කිරීමට උත්සාහ කළද එය මෙතෙක් ක්‍රියාවට නැංවීමට නොහැකි වූ බව අමාත්‍ය විදුර වික්‍රමනායක වැඩිදුරටත් පැවසුවා.