ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද ?නැද්ද? යන තීරණය අද දහවල් 1.15 ට ප්‍රකාශ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළා.
එම පෙත්සම පිළිබඳව මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.