ආණ්ඩුව පිළිබඳව ජනතා අනුමැතිය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වෙරටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය පවසනවා.
ආර්ථිකව සහ රටේ ආර්ථික දිශානතිය ගැන සුභවාදීව සිතන බවත් එම සමීක්ෂණ ආයතනය සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුමේදී මෙම මස ප්‍රතිඵලවලින් එම කරුණු අනාවරණ වී තිබෙනවා.
එම ප්‍රතිඵලවලට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පසුගිය පෙබරවාරි මාසයේ සියයට 07ක අගයක් ගෙන තිබුණා.
එය නවතම සමීක්ෂණ ප්‍රතිඵල අනුව සියයට 24ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසන්නේ.
වර්තමාන ආර්ථික තත්ත්වය හොඳ හෝ විශිෂ්ට මට්ටමක පවතින බවට සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් සියයට 28ක ප්‍රතිශතයක් වර්ග කර තිබෙනවා.
එය පසුගිය පෙබරවාරි මාසයේ තිබුණු සියයට 09ක අගයට වඩා තුන් ගුණයක ඉහළ යාමක්.
එමෙන්ම රටේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙන බව විශ්වාස කරන ජනතාවගේ කොටසක් තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය පෙබරවාරි මාසයේ එම ප්‍රතිශතය සියයට 09ක් ලෙස පැවති බවත් මෙම මස එහි ප්‍රතිශතය සියයට 30ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය පෙන්වා දෙනවා.
මෙම නවතම සමීක්ෂණය බහු අදියර සසම්භාවී ක්‍රියාවලියක් හරහා තෝරාගන්නා ලද විවිධ කුටුම්භයන්හි වෙසෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,038 දෙනෙකුගෙන් සමන්විත ජාතික මට්ටමේ නියෝජනයක් ඇති දීප ව්‍යාප්ත ප්‍රතිචාර නියැදියන් පදනම් කර ගනිමින් සිදුකර තිබෙනවා.
එය පසුගිය ජුනි 28 වනදා සිට ජූලි 06 දක්වා කාලය තුළ සිදුකල බවයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවසුවේ.