Thursday, March 6, 2025

General line - 0115112241

විදුලි ගාස්තු අඩු වුවද බේකරි නිෂ්පාදන අඩුකල නොහැකි බව බේකරි සංගම් පවසයි



විදුලි ගාස්තුව අඩුකිරීමට සාපෙක්ෂව බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමිය නොහැකි බව බේකරි හිමියන් පවසනවා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම් කේ ජයවර්ධන නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ බේකරි නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රධානතම අමුද්‍රව්‍ය වන පිටි, සීනි, බිත්තර සහ මාගරින් මිල ගණන් අඩු නොකිරීම ඊට හේතුව බවයි. 

මේ අතර විදුලි ගාස්තු පහළ දැමීම හමුවේ ආහාර වර්ගවල මිල ගණන් පහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

කෙසේවෙතත් බිත්තර මිල යළි වැඩි වුවහොත් ආහාර වර්ගවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ.