Thursday, March 6, 2025

General line - 0115112241

දයාසිරි ගොනුකළ පෙත්සම් දෙකක් කැඳවීමට අධිකරණය දින දෙයි

උදය කුමාර



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගනු ලැබූ තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් එම පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පැමිණිලි දෙකක් ලබන 23 වන දා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියම කළා.

මෙම පැමිණිලි වලට අදාළ අතුරු ඉල්ලීම් පිළිබඳ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව තිබුණේ.

එහෙත් විනිසුරුවරයා දැනුම් දුන්නේ වග උත්තරකාර පාර්ශවය විසින් ඉදිරිපත් කරන ලද ලේඛන නඩු ගොනුවට ඇතුළත් වී නොමැති බවයි.

ඒ අනුව අදාළේ ලේඛන ගොනු කිරීමට පාර්ෂවකරුවන්ට අවසර දුන් අධිකරණය නඩුව නැවත ලබන 23 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.