යුක්‍රේනය සමඟ පවතින යුද ගැටුම් නිමා කිරීමට රුසියාව පොළඹවන ලෙස අමෙරිකාව ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඉන්දියාවට රුසියාව සමඟ පවතින දිගු කාලීන සබඳතාව ප්‍රයෝජනයට ගෙන එම ඉල්ලීම සිදුකරන ලෙසයි අමෙරිකාව ඉන්දියාවෙන් ඉල්ලා ඇත්තේ.
යුක්‍රේනයට එරෙහි යුද්ධය නීති විරෝධී යුද්ධයක් බවද අමෙරිකාව පවසා තිබෙනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් විසින් මෙම අදහස් පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
ඉන්දියාවට රුසියාව සමඟ දීර්ඝ කාලීන සබඳතාවක් ඇති බවත් එය ප්‍රසිද්ධ කරුණක් බවත් එම සුවිශේෂී තත්ත්වය ප්‍රයෝජනයට ගන්නා ලෙස අමෙරිකාව ඉන්දියාව දිරිමත් කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.