Thursday, March 6, 2025

General line - 0115112241

ඉන්ධන නැවක් ඕමාන මුහුදේදී අනතුරක - ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුත් අතුරුදන්



ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකුද සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඕමානය ආසන්න මුහුදේදී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ එහි සිට ඇති කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 16ක්.

සෙසු 12 දෙනාම ඉන්දීය ජාතිකයින්.

අද අලුයම නිකුත් වූ විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනාම මේ වන විට අතුරුදන්ව සිටිනවා.

ඔවුන් සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර ඇති බව ඕමාන සමුද්‍රීය මධ්‍යස්ථානය නිවේදනය කළා. 

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොමරෝස් ධජය සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාවක්.

නෞකාව යේමනයේ ඒඩ්න් වරාය වෙත ගමන් කරමින් තිබූ බවටයි වාර්තා වන්නේ.

අනතුර සිදුව ඇත්තේ ඕමානයේ නිරිතදිග වෙරළ තීරය ආසන්නයේ පිහිටි ඩුක්මි නම් වරාය ආසන්නයේදීයි.

අනතුරට ලක්ව ඇති නෞකාව “ප්‍රෙස්ටීජ් ෆෝල්කන්” ලෙස නම් කළ නෞකාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දිගින් මීටර් 117ක් වන මෙම නෞකාව 2007 වසරේ ඉදි කරන ලද ඉන්ධන ප්‍රවාහනය සඳහා භාවිත කරන නෞකාවක්.