Thursday, March 6, 2025

General line - 0115112241

විදුලියේ සහනය ජල ගාස්තුවටත් දෙනවාද? තීරණය මේ සතියේ



නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා.

ඔහු කියා සිටියේ මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවයි. 

විදුලි ගාස්තු අඩු කළහොත් ජල ගාස්තු ද අඩුවන බවට මීට පෙර ප්‍රකාශ වී තිබුණා.

විදුලිය මත පමණක් නොව පොලී අනුපාත සියයට 26 සිට සියයට 11ක් දක්වා අඩු වී තිබෙනවා.

ජල සම්පාදන මණ්ඩලයට අවශ්‍ය වන රසායන ද්‍රව්‍යයන් ආනයනය කිරීමේදී ඒවායෙහි මිල තීරණය වන්නේ ඩොලරය මතයි.

ඒ තත්ත්වය හමුවේ ඩොලරයේ අගය මත පදනම්ව ජල ගාස්තු අඩු කිරීම පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව මෙම සතිය ඇතුළත ජල ගාස්තුව කොපමණ ප්‍රමාණයකින් අඩු කළ හැකිද යන්න තීරණය කිරීමට හැකි වනු ඇති බව ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් වැඩිදුරටත් සඳහන් කළා. 

කෙසේවෙතත් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ මෙම වසර තුළ ජල ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.