Thursday, March 6, 2025

General line - 0115112241

බාහිර පන්ති යන බව පවසා නිවසින් ගිය පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු අතුරුදන්

රංජිත් රාජපක්ෂ



තලවකැලේ පොලිස් වසමට අයත් ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ ලු‍සා කොටසේ පදිංචි අවුරුදු 14 සහ 16 යන වයස් කාණ්ඩවල පසුවන පාසල් සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු අතුරුදන් වී ඇති බවට තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ, ඉකුත් 14 වන දින සිටයි.

එම ළමුන්ගේ දෙමව්පියන් විසින් තලවකැලේ පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

ඔවුන් පැවසුවේ අතුරුදන් වී ඇති පාසල් සිසුවියන් තිදෙනා සහ සිසුවා ඉකුත් 14 දින පාසල් නිම වී නිවස කරා පැමිණ ආපසු බාහිර පන්තියකට සහභාගි වන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවයි.

ඔවුන් නැවත නිවසට නොපැමිණි බවයි පැමිණිල්ලේ සඳහන් වන්නේ.