Thursday, March 6, 2025

General line - 0115112241

රුපියල් 5,000ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට



රුපියල් 5,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් වාන් ඇල පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කළ පැමිණිල්ලකට අනුවයි.

ඔහු සිය යතුරුපැදිය ඥාති නිවසක් ඉදිරිපිට නවතා තිබී ඇති අතර සැකකාර පොලිස් සැරයන්වරයා එම යතුරුපැදිය එහි හිමිකරුට නොදන්වා පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබෙනවා.

අදාළ යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව පවසා, එසේ නොකර සිටීමට අල්ලස් ලෙස රුපියල් 5,000ක මුදලක් ඉල්ලා ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.