තහනම් දුම්කොළ මිශ්‍ර කරන ලද මාවා නමැති මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු කෑගල්ල, පැපොල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කෑගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්, ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීයි.
එහිදී අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි වියේ පසුවන රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සැකකරු සතුව තිබී දුම්කොළ මිශ්‍ර කරන ලද මාවා ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 980ක් සිය භාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කෑගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.