Thursday, March 6, 2025

General line - 0115112241

දේශබන්දු පොලිස්පති ධුරයේ කටයුතු කිරීම ගැන තීරණයක් ලබන 24 වනදා

උදය කුමාර



දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවා ද? නැද්ද යන නියෝගය ලබන 24 වනදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළා.

පොලිස්පතිවරයා පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඒ, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් විසින්. එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන නියෝගයත් එදින ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරු මඩුල්ල සඳහන් කළේ.

ඉදිරිපත් කර තිබූ අදාළ පෙත්සම් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.