Thursday, March 6, 2025

General line - 0115112241

අධිකරණ ඇමති ගහන්න එපා කියූ ගැසට්ටුව ජනපති නියමයෙන් එළියට



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා.

එම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙසට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී ඇති පසුබිමක් තුළයි ජනාධිපතිවරයාගේ නියමයෙන් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාවේ සඳහන් “වසර 06ක් ඉක්මවා” යන වචනය වෙනුවට “වසර 05ක් ඉක්මවා” යන වචනය ආදේශ කිරීම සඳහා මෙම කෙටුම්පත සකස් කර තිබෙනවා.