Friday, March 7, 2025

General line - 0115112241

ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර අත්අඩංගුවට

ටී කේ ජී කපිල



ජාතික ආරක්ෂක විද්‍යායතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු අද උදෑසන අමෙරිකාවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදීයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව අසංක අබේගුණසේකරට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනමක් සම්බන්ධයෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ඔසී අබේගුණසේකර මහතාගේ පුත්‍රයෙකු ද වනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් මීගමුව මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ වෙත ඉදිරිපත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

එහිදී රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු නිදහස් කළ අතර එළඹෙන අගෝස්තු මස 09 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස මීගමුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.