Friday, March 7, 2025

General line - 0115112241

නීති විරෝධීව මෙරටට රැගෙන ආ කහ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට



නීති විරෝධීව බෝට්ටු මඟින් මෙරටට රැගෙනවිත් තිබූ කහ තොගයක් සමඟ සැකකරුවෙකු පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පමුණුගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

එහිදී කහ කිලෝ 1,767යි ග්‍රෑම් 500ක්, බෝට්ටු 04ක් සහ කහ ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ බස් රථයක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

එම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.