Friday, March 7, 2025

General line - 0115112241

වැල්ලවාය නෙටොල රක්ෂිතයේ ගින්නක් - අක්කර 10කට හානි

ජයන්ත වීරසේකර



වැල්ලවාය, නෙටොලගම රක්ෂිතයේ හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර දහයකට අධික භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ හටගත් එම ගින්න අද අලුයම තෙක් පැතිර ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ, එම ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය හේතුවෙන්.

කිසියම් පුද්ගලයකු රක්ෂිතයට ගිනි තබා ඇති බවට සැකකරන බවයි පොලිසිය පැවසුවේ.