සූර්යයාට ආසන්නතම ග්‍රහලෝකය වන බුධ ග්‍රහයාගේ මතුපිටට යටින් විශාල ඝන දියමන්ති ඇති බව නව අධ්‍යයනයකින් හෙළිදරව් වී තිබෙනවා
Nature Communications සඟරාවේ පළ වූ මෙම සොයාගැනීමේ වාර්තාවට අනුව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සැතපුම් 9ක් ඝන දියමන්ති තට්ටුවක් බුධ ග්‍රහයාගේ මතුපිට ගැඹුරට සැඟවි තිබිය හැකි බවයි
NASA හි Messenger මෙහෙයුම මගින් කාබන් ආකාරයක් වන මිනිරන් ලෙස හඳුනාගෙන ඇති අසාමාන්‍ය ලෙස අඳුරු පෘෂ්ඨ පැල්ලම් ද බුධ ග්‍රහයා සතුව ඇති බවද සොයාගෙන තිබෙනවා
මෙම සොයා ගැනීම බීජිං හි අධි පීඩන විද්‍යා හා තාක්ෂණ උසස් පර්යේෂණ මධ්‍යස්ථානයේ විද්‍යාඥයෙකු වන Yanhao Lin ගේ අවධානයට ලක් වූ අතර ඔහු පවසා ඇත්තේ බුධ ග්‍රහයා,වෙනත් පෘථිවි ග්‍රහලෝක සෑදූ ආකාරයටම සෑදී ඇති බවයි
Nature Communications සඟරාවේ පල කර තිබෙන වාර්තාව මෙතනින් බැලිය හැක