Sunday, March 9, 2025

General line - 0115112241

 කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි ගින්නක්

සැම්සන් ප්‍රේමසිරි



කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

මහල් 05කින් යුත් ගොඩනැගිල්ලේ මෙම ගින්න හටගෙන ඇත්තේ දෙවන මහලේයි.

ගින්නත් සමග එහි සිටි සියලු සේවකයින් වහාම ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ සඳහා ගිනි නිවන හමුදාවේ සහයද ලබා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇති බවට සැක පළ කෙරෙනවා.