Sunday, March 9, 2025

General line - 0115112241

දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් හෙට අලුයම

එන් ඒ ඩබ් නිරෝෂන්



දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීමක් වන සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් වැසී යාමේ අවස්ථාවක් අද මධ්‍යම රාත්‍රිය පසුවී හෙට අළුයම 12යි 50ට මෙරට අහසේ දැක ගැනීමට හැකියාවක් ලැබෙනවා.

නවීන ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට අළුයම් කාලය දක්වා ශ්‍රී ලාංකිකයින්ට මෙම සංසිද්ධිය දැකගත හැකි බවයි.

දුරේක්ෂයක් හෝ දුර දක්නයක් මඟින් එය වඩාත් හොදින් නිරීක්ෂණය කළ හැකි බවද මහාචාර්ය චන්දන ජයරත්න වැඩිදුරටත් සඳහන් කළා.