Sunday, March 9, 2025

General line - 0115112241

අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්



අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිත කලාපය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අදාළ මුහුදු ප්‍රදේශ වෙත යාත්‍රා නොකරන ලෙස බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව වෙත අනතුරු ඇඟවීම් නිකුත් කරමින්.

අරාබි මුහුදු ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිත කලාපයේ ඉතා තද සුළං ඇතිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය ඊට හේතුව බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.