Wednesday, May 21, 2025

General line - 0115112241

විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ 12ක් අත්අඩංගුවට



විදෙස් රැකියා ජාවාරම් සිදුකළ වංචාකරුවන් දොළොස් දෙනෙකු පසුගිය දින 05ක කාලය තුළ අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

කටාර්, නවසීලන්තය, මැලේසියාව, රැමේනියාව හා කැනඩාව යන රටවල රැකියා ලබාදෙන බව පවසා කුරුණෑගල සහ ප්‍රදේශ කිහිපයකදී මුදල් වංචා කළ එම පිරිස අතර කාන්තාවන් පස් දෙනෙකු ද සිටින බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.

එම කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදු කර තිබෙනවා.