Monday, March 10, 2025

General line - 0115112241

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සිව් දෙනෙක් අත්අඩංගුවට



බගවන්තලාව පෙට්‍රසෝ වත්තේ මැණික් ගරමින් සිටි සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බගවන්තලාව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදීයි.

බලපත්‍ර නොමැතිව ඔවුන් එලෙස මැණික් ගරමින් සිටි බවයි පොලිසිය පැවසුවේ.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් සිව් දෙනෙක්.

ඔවුන් විසින් මැණික් ගැරීමට යොදාගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.