Thursday, April 10, 2025

General line - 0115112241

නාගරික සංවර්ධන සැලසුම් අනුමත කරන්න කොන්දේසියක්



නාගරික සංවර්ධන සැලසුම් අනුමත කිරීමේදී ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව සහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්ය කර තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ මහජනතාවට ඵලදායි ලෙස සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි.

පසුගිය කාලයේදී එවැනි අනුමැතියකින් තොරව ක්‍රියාත්මක  කළ සංවර්ධන ව්‍යාපෘතිවල විවිධ ගැටළු මතුවී ඇති බව ද ඔහු කියා සිටියා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග එම අදහස් පළ කළා.

එම උපදේශක කාරක සභාව අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.