Monday, March 10, 2025

General line - 0115112241

ජනපති රනිල්ට සෙසු පක්ෂවල සහය ගන්න කටයුතු කරන බව සාගල කියයි



ඉදිරි ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෙසු පක්ෂවල සහය ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසනවා.

ස්ථාවර වී ඇති රට ඉදිරියේදී ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා එලෙස කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.


කෙසේවෙතත් තමන්ගේ ඡන්ද පදනම කඩා කප්පල් කිරීම ඇතැමුන් උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළා.

මොණරාගල දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.


හලාවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ සිය පක්ෂය ජනතාවගේ ව්‍යාපාරයක් බවට පත්ව ඇති බවයි.