Wednesday, April 9, 2025

General line - 0115112241

ජනාධිපතිවරණ විශේෂ රාජකාරි සඳහා සහාය දීමට තැපැල් වෘත්තීය සමිති එකඟ වෙයි



ජනාධිපතිවරණයට අදාළ රාජකාරි සඳහා සහාය ලබා දීමට තැපැල් වෘත්තීය සමිති එකඟතාව පළ කළ බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සෙසු රාජකාරිවලට අමතරව විශේෂ මැතිවරණ රාජකාරි සඳහා සිය සේවකයින් එක්වන බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ. 


ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට පැවැරී ඇති රාජකාරි සම්බන්ධයෙන් ද නියෝජ්‍ය තැපැල්පතිවරයා මෙහිදී කරුණු දැක්වුවා.