Monday, March 10, 2025

General line - 0115112241

එක්ස්ප්‍රස් පර්ල් ගිනි ගැනීමේ සිද්ධියේ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග.

උදය කුමාර



මෑතකදී කොළඹ වරාය ආශ්‍රිත මුහුදු තිරයේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන විනාශ වීමේ සිද්ධිය හේතුවෙන් සමුද්‍රයට සිදුවූ හානිය මෙන්ම වෙරළ තිරයට හා පරිසර පද්ධතියට සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කර තිබෙන සියලුම පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යලි විභාගයට ගත් අවස්ථාවේදීයි.

පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නීතිපතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට මෙම නියෝගය නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.