Thursday, April 10, 2025

General line - 0115112241

පොලිස්පති ගැටළුව කඩිනමින් විසඳන ලෙස ජනාධිපති ලේකම්ට ලිඛිතව දැනුම් දීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්



පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව කඩිනමින් විසඳන ලෙස ජනාධිපති ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එම කොමිසමේ සභාපති ආර එම් ඒ එල් රත්නායක පැවසුවේ අද රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව එම තීරණයට එළඹුණු බවයි.

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක් වූ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.