Monday, March 10, 2025

General line - 0115112241

පොහොට්ටුව, ජනපති අපේක්ෂක නම් කිරීම කල් දමයි



ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුනුදැයි යන්න ප්‍රකාශයට පත් කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කල් දමා තිබෙනවා.

ඉකුත් සඳුදා පැවති එම පෙරමුණේ තීරණාත්මක සාකච්ඡාවෙන් පසු එහි ප්‍රධානීන් පැවසුවේ අද වන විට ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි යන්න පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.

එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම තීරණය ප්‍රකාශයට පත් කිරීම අගෝස්තු මස දෙවන සතිය දක්වා කල් යනු ඇති බවයි දේශපානල ආරංචිමාර්ග පැවසුවේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ නම හෙළි කිරීම බොහෝදුරට අගෝස්තු මස 05 වනදා හෝ 10 වනදා අතර දිනයක සිදු වනු ඇතැයි සඳහන්.