Wednesday, April 30, 2025

General line - 0115112241

ගෑස් මිලේ වෙනසක් නෑ - ඉන්ධන මිලේ තීන්දුව රාත්‍රියේ



අගෝස්තු මාසයේ ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවන බව එම සමාගම පවසනවා.

ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ ලෝක වෙළඳපොළේ මිල ගණන්ද සලකා බලමින් මෙම තීරණය ගත් බවයි.

මෙම මස මුලදී ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමුණා.

මේ අතර ඉන්ධන මිල සංශෝධනයද අද රාත්‍රියේ සිදු වීමට නියමිතයි.

වෙළඳපොළ ආරංචිමාර්ග සඳහන් කළේ බොහෝ දුරට ඉන්ධන මිල අඩු වීමට වැඩි ඉඩක් පවතින බවයි.