Thursday, April 10, 2025

General line - 0115112241

 “ගාසා හි ළමා අරමුදල” ගැන ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දීමක්



“ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව ජූලි මස 31 දිනෙන් අවසන් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එබැවින් තවදුරටත් ඒ සඳහා මුදල් බැර නොකරන ලෙසයි ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

2024 ජූලි 31 දිනෙන් පසු යම් තැන්පත් මුදලක් සෘජුවම ජනාධිපති කාර්යාලයේ නිල බැංකු ගිණුමට ප්‍රේෂණය කළහොත් එම මුදල සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති අරමුදල වෙත බැර කිරීමට කටයුතු කරන බව ද ජනාධිපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.