Tuesday, March 11, 2025

General line - 0115112241

පාවෙන ඡන්ද දායකයන් සියයට පහක් දිනා ගැනීමට සජබෙන් සැලසුම්



ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති ඡන්ද දායකයින්ගෙන් සියයට පහක ප්‍රතිශතයක් ආකර්ශණය කර ගැනීමට හැකි වුවහොත් මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජය ස්ථිර බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ සිය පක්ෂයට පහසුවෙන් එම ඉලක්කය ළඟා කර ගත හැකි බවයි.  

ඉදිරි ජනාධිපතිවරණයේදී සියයට 50 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට සමගි ජන බලවේගයට තවත් අවශ්‍යව ඇත්තේ සියයට 05ක් වැනි ප්‍රතිශතයක් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවා.