Thursday, April 10, 2025

General line - 0115112241

අන්තර්ජාලය හරහා අපරාධ සිදු කළ විදේශිකයන් 08ක් ගාල්ලේදී අත්අඩංගුවට



අන්තර්ජාලය ඔස්සේ අපරාධ සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් විදේශීය ජාතිකයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල, උඩුගම පාර ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලක සිදු කළ පරික්ෂාවකදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි ගාල්ල පොලීසිය පැවසුවේ.

චීන ජාතිකයින් 06 දෙනෙකු, කසකස්තාන ජාතිකයෙකු සහ කිර්ගිස්ථාන ජාතිකයෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකව තිබූ පරිඝනක යන්ත්‍ර 09ක්, ජංගම දුරකතන 73ක් හා සිම්පත් රැසක්ද සිය භාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ.